ඉන්දියාව ,ප්‍රංශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක කටයුතු පිළිබද සාකච්ඡාවක

ඉන්දියාව ,ප්‍රංශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක කටයුතු පිළිබද සාකච්ඡාවක

ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ප්‍රංශය යන රටවල විදේශ අමාත්‍යවරුන්ගේ ත්‍රෛපාර්ශවික විශේෂ හමුවක් නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පවසනවා..

රටවල් ත්‍රිත්වයේ යුද සහ ආරක්ෂක කටයුතුවල හවුල්කාරීත්වය නංවා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුව තිබුණු අදාළ හමුවේදී Rafale වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා ගනුදෙනු, ගෝලීය වශයෙන් පොදු කරුණු, නවෝත්පාදන සහ රටවල් ත්‍රිත්වයේ ජනතාව අතර සබඳතා වර්ධනය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රටවල් ත්‍රිත්වය අතර පවතින ත්‍රෛපාර්ශවික උපායමාර්ගික හවුල්කාරීත්වයේ පොදු සාධකයක් වන්නේ Rafale වර්ගයේ යුද යානා ගනුදෙනුවයි.

ඒ අනුව ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රංශයෙන් Rafale වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා මිලදී ගෙන තිබෙනවා.

රටවල් ත්‍රිත්වය එක්ව මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට සූදානම් වන බවත් ඉන්දියාව එහි ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාව යනු දකුණු ආසියානු කලාපය තුළ ප්‍රංශයට සිටින ප්‍රධාන උපායංමාර්ගික රටක් වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය යනු ප්‍රංශයට බටහිර ආසියාව තුළ සිටින උපායමාර්ගික වශයෙන් වැදගත් රටක්.

ප්‍රංශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ඵලදායි සාකච්ඡා වටයක් පැවැත්වූ බවත් ත්‍රෛපාර්ශවික වශයෙන් වැදගත් ක්‍රියාකාරී අදහස් හුවමාරුවක් සිදුකෙරුණු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශන්කර් එම හමුවෙන් අනතුරුව ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

Share This