ඉන්දියාව බිය ගන්වමින් නව වෛරසයෙන් ආසාදිතයින් දෙදෙනෙකු මරුට

ඉන්දියාව බිය ගන්වමින් නව වෛරසයෙන් ආසාදිතයින් දෙදෙනෙකු මරුට

ඉන්දියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා (Influenza) A වෛරසයේ උප වර්ගය වන H3N2 ආසාදිත රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ ඉන්දියාවේ හර්යානා සහ කර්නාටක ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් බවයි එරට මධ්‍යම රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ

එමෙන්ම මෙම වෛරසය ආසාදිත රෝගීන් 90 දෙනෙකු පමණ මේ වන විට වාර්තා වන බවද ඉන්දීය මධ්‍යම රජය සඳහන් කළා.

කොවිඩ් වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන මෙම වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

Share This