ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර නව සංක්‍රමණ ගිවිසුමක්

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර නව සංක්‍රමණ ගිවිසුමක්

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව දෙරටේ ආර්ථික සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් නව සංක්‍රමණ ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා .

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිඩ්නිහිදී ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් හමුවීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කලාපීය ආරක්ෂාව පිළිබඳව ද ඔවුහු මෙම හමුවේදී සාකච්ඡා කළ බවයි පැවසෙන්නේ

නරේන්ද්‍ර මෝදි ජපානයේ පැවති G7 සමුළුවට සහභාගී වීමෙන් පසු සිඩ්නි වෙත සිය සැලසුම් කළ පරිදිම සංචාරය සිදු කර තිබෙනවා

කෙසේවෙතත් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ට ණය සීමාව පිළිබඳ සාකච්ඡා සඳහා නැවත වොෂින්ටනයට යාමට සිදුවීමෙන් පසු පසුගිය සතියේ සිඩ්නි හි පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This