ඉන්දියාව සහ ජපානය ගුවන් අභ්‍යාසයකට සැරසෙයි

ඉන්දියාව සහ ජපානය ගුවන් අභ්‍යාසයකට සැරසෙයි

සිය පළමු ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය මාලාව සදහා ඉන්දියාව සහ ජපානය මේ දිනවල සූදානම් වනවා.

දෙරට අතර ආරක්ෂක සබදතා තවදුරටත් පුලුල් කර ගැනීම එහි අපේක්ෂාවයි.

ගුවන් අභ්‍යාස මාලාව නම් කර ඇත්තේ “Veer Guardian” ලෙසයි.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව ජනවාරි මස 16 වනදා සිට 26 වනදා දක්වා එම ගුවන් අභ්‍යාස මාලාව පැවැත්වීමටයි දෙරට සැලසුම් කර ඇත්තේ.

ඒ, ජපානයේ Hyakuri සහ Iruma ගුවන් හමුදා කඳවුරු සහ ඒ ආසන්න ගුවන් කලාපයේදීයි.

මෙම ගුවන් අභ්‍යාසය සදහා ඉන්දියාව සිය අතිනවීන Sukhoi – 30MKI වර්ගයේ ප්‍රහාරක යානා මෙන්ම එරට හමුදාව සතු C – 17 වර්ගයේ ගුවන් යානා ද යොදා ගැනීමට නියමිතයි.

ජපානය ඔවුන් සතු F – 2 සහ F – 15 වර්ගයේ ප්‍රහාරක යානා එම යුද අභ්‍යාසය සදහා එක් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ද්විපාර්ශවික වශයෙන් පුලුල් සබදතා පවත්වන ජපානය සහ ඉන්දියාව සාර්ථකව නාවික හමුදා අභ්‍යාස මාලාවන් ද පවත්වනු ලබනවා.

ඒ කලාපීය වශයෙන් චීනයෙන් එල්ල වන බලපෑම් මධ්‍යයේයි.

Share This