
ඉන්දියාව සහ නවසීලන්ත නිදහස් වෙළඳ සාකච්ඡා යළි ඇරඹෙයි
දශකයකට පසු ඉන්දියාව සහ නවසීලන්තය නිදහස් වෙළඳ සාකච්ඡා නැවත ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදීයි
එහිදී ලබන මාසයේ සාකච්ඡාවල පළමු වටය ආරම්භ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා
දෙරට අතර වෙළඳ සාකච්ඡා 2010 වසරේදී ආරම්භ වූ නමුත් සාකච්ඡා වට කිහිපයකින් පසුව එය නතර වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ
නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ දින පහක සංචාරකය නිරතවන අතරතුරයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග මෙම සාකච්ඡා සිදු කර ඇත්තේ