ඉන්දියාව සහ ප්‍රංශය සබඳතා ශක්තිමත් කරගනී

ඉන්දියාව සහ ප්‍රංශය සබඳතා ශක්තිමත් කරගනී

ඉන්දියාව සහ ප්‍රංශය සැබෑ මිතුරන් බව ඉන්දීයාවේ වාණිජ අමාත්‍ය පියුෂ් ගෝයල් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම දෙරට හවුල්කරුවන් සහ ගෝලීය යහපත සඳහා ක්‍රියා කරන ජවසම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බවයි ප්‍රංශයේ පැරිස් නුවර පැවති ඉන්දියා – ප්‍රංශ ව්‍යාපාරික සමුළුව අමතමින් ඔහු පැවසුවේ.

දෙරට අතර වසර 25 ක් පුරා පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින් තවත් ශක්තිමත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

වෙළෙඳ, තාක්ෂණ, සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍ර ඔස්සේ නායකයන් දෙපළ ඉන්දු – ප්‍රංශ සබඳතා ඉදිරියට රැගෙනවිත් ඇති බව ද ඉන්දීය වාණිජ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

දෙරටේ නායකයින් සහ ජනතාව අතර ඇති මිත්‍රත්වය ගෝලීය යහපත සඳහා ද ධනාත්මක බලපෑම් එල්ල කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This