ඉන්දියාව සහ යුරෝපානු වෙළඳ සංගමයක් අතර හවුල්කාරිත්වය ශක්තිමත් වෙයි

ඉන්දියාව සහ යුරෝපානු වෙළඳ සංගමයක් අතර හවුල්කාරිත්වය ශක්තිමත් වෙයි

ඉන්දියාව සහ නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය මෙන්ම ලිච්ටෙන්ස්ටයින් ඇතුළු යුරෝපීය නිදහස් වෙළඳ සංගමයේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් හා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී රැස්වුණා.

ඒ, ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික හවුල්කාරිත්වය ඉහළ නැංවීම සඳහායි.

මෙම හමුව ඔවුන්ට සිය වෙළඳ ගනුදෙනුවල තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට සහ එම සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ අවස්ථාවක් ලබා දී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊට අමතරව මෙම හමුවේදී, වත්මන් ගෝලීය ආර්ථික හා වෙළඳ පරිසරය විසින් එල්ල කරන ලද අභියෝග මෙන්ම ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික හවුල්කාරිත්වයේ ගැටළු සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇතැයි සඳහන්.

සියලු කැපී පෙනෙන ගැටළු විසඳීම සහ ගෝලීය වෙළඳ පද්ධතියකට දායක වන අතරම ආර්ථික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට ඉන්දියාව, යුරෝපීය නිදහස් වෙළඳ සංගමයේ සාමාජික රටවල් එහිදී එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This