ඉන්දියාව හා රුසියාව ශක්තිමත් වෙන්න හදන හැටි

ඉන්දියාව හා රුසියාව ශක්තිමත් වෙන්න හදන හැටි

රුසියාව සමග සිදු කරන ද්විපාර්ශ්වික වෙළඳ ගනුදෙනු මෙම වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 50 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දියාව පවසනවා.

රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර පැවති රුසියා – ඉන්දියා ව්‍යාපාරික සංසදයට සහභාගී වෙමින් ඉන්දියාවේ කර්මාන්ත හා අභ්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් රජිව් සිං තාකූර් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එමෙන්ම එහිදී ඔහු සඳහන් කළේ ඉන්දියාවේ ප්‍රමුඛතම අංශය වන තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රගතිය ද මෙම වසරේ ප්‍රමුඛ ඉලක්කයක් වන බවයි.

වර්තමානයේදී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 6%ත් 7%ත් දක්වා හොඳින් වර්ධනය වෙමින් ඇති අතර අමෙරිකානු බිලියන 85 ක සෘජු විදේශ ආයෝජන ඉන්දියාව තුළට ගලා එමින් ඇති බව ආයෝජන සම්බන්ධයෙන් වන නවතම දත්ත පෙන්වාදෙන බව රජිව් සිං තාකූර් ප්‍රකාශ කර තිබෙනවා.

මිලියන ගණනක තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ලොව පුරා සේවය කරන බැවින් ඉන්දියාව ඩිජිටල් ප්‍රමුඛයා වී ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.

තොරතුරු තාක්ෂණ අංශයෙන් රුසියාවට සහ ඉන්දියාවට ලොව අභියෝග අභිබවා ඉදිරියට යා හැකි බව ද රජිව් සිං තාකූර් අවධාරණය කර තිබෙනවා.

Share This