ඉන්දීය අගමැතිගෙන් විපක්ෂ නායක සජිත් කළ ඉල්ලීම

ඉන්දීය අගමැතිගෙන් විපක්ෂ නායක සජිත් කළ ඉල්ලීම

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී දෙපාර්ශ්වය අතර සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් වැදගත් කරුණු රැසක් හුවමාරු වූ බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම රට බංකොලොත් වූ අවස්ථාවේ තනි රටක් ලෙස අප රටට වැඩිම ආධාර ලබාදී ඉන්දියාව උපකාර කළ අතර ඒ අවස්ථාවේ දී රටට සවියක් වීමට ඉන්දීය රජය ලබා දුන් සහයෝගය ඉතා අගය කරන බවත් ඒ වෙනුවෙන් සිය ස්තූතිය ඉන්දීය රජයටත් ඉන්දීය ජනතාවටත් පුද කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

රට වැටී ඇති ආර්ථික අවපාතයෙන් තවදුරටත් මිදිමට ඉදිරියටත් සහයෝගය ලබා දෙන ලෙස එහිදී ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා, අමෙරිකාව විසින් පනවා ඇති 44%ක තීරු බදු නිසා මෙරට අපනයන කේන්ද්‍රීය කර්මාන්තවලට හා එහි සේවකයන්ට හානිකර තත්ත්වයන් සහ අහිතකර බලපෑම් සිදුවිය හැකි බැවින් ඉන්දීය වෙළෙඳපොළ තුළ මෙරට ඇඟලුම් හා ආනෙකුත් නිෂ්පාදන භාණ්ඩවලට වැඩි අවස්ථාව ලබා දෙන ලෙසද සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

Share This