ඉන්දීය අගමැති පිළිගැනීමට අමෙරිකාව සැරසෙයි

ඉන්දීය අගමැති පිළිගැනීමට අමෙරිකාව සැරසෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරයෙන් දෙරට අතර ගැඹුරු සහ සමීප හවුල්කාරිත්වය මෙන්ම දෙරටේ ජනතාව සම්බන්ධ කරන උණුසුම් බැඳීම් තවදුරටත් තහවුරු කරනු ඇතැයි ධවල මන්දිරය පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන ජූනි මාසයේදී රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණීමට නියමිත බව නිවේදනය කරමින් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් Karine Jean-Pierre මේ බව සඳහන් කළා.

ඇය එහිදී පැවසුවේ ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජනපති බිරිඳ වන ජිල් බයිඩ්න් විසින් ජූනි 22 වනදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීමට නියමිත බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන ද්විපාර්ශවික සාකච්ඡාවලදී නිදහස්, විවෘත, සමෘද්ධිමත් සහ සුරක්ෂිත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා දෙරටේ හවුල්කාරීත්ව කැපවීම සම්බන්ධයෙන් අවදානය යොමු කෙරෙනු ඇති බව ද ඇය සඳහන් කළා.

Share This