
ඉන්දීය අගමැති මෝදි දිවයිනට
තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයකට එක් වී ඇති බව සඳහන්.
දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී පිළිගෙන තිබෙනවා.
මේ අතර ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය හෙට (05) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි