ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු පළමුවරට පැපුවා නිව්ගිනියාවට

ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු පළමුවරට පැපුවා නිව්ගිනියාවට

ඉන්දිය පැසිෆික් දූපත් සහයෝගිතා සමුළුව අද (22) ආරම්භ වනවා.

ඒ පැපුවා නිව්ගිනියාවේදීයි.

මෙවර පැපුවා නිව්ගිනියාව සහ ඉන්දියාව එම සමුළුවේ සම සභාපතිත්වය දැරීම විශේෂත්වයක්.

ඊට සහභාගී වීම් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අද පැපුවා නිව්ගිනියාවට පැමිණීමට නියමිතයි.

G7 සමුළුවට සහභාගී වීම සඳහා ජපානයේ රැඳී සිටි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පැපුවා නිව්ගිනියාවට පැමිණෙන අතර අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This