ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි දකුණු අප්‍රිකානු ජනපති සමග සාකච්ඡා පවත්වයි

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි දකුණු අප්‍රිකානු ජනපති සමග සාකච්ඡා පවත්වයි

15 වැනි බ්‍රික්ස් සමුළුවේ දෙවැනි දිනයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා

පසුව අගමැති මෝදි ජොහැන්නස්බර්ග්හි බ්‍රික්ස් සමුළුවේ පූර්ණ සැසිවාරවලට සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ

බ්‍රික්ස් ව්‍යාපාරික සංසද නායකයින්ගේ සංවාදයේදී අගමැති මෝදි සඳහන් කර ඇත්තේ ඉන්දියාව ඩොලර් ට්‍රිලියන 5ක ආර්ථිකයක් කරා වර්ධනය වනු ඇති බවත්ය.

Share This