ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී නාවික සෙබළෙක් මරුට

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී නාවික සෙබළෙක් මරුට

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී තුවාල ලැබූ නාවික හමුදා සෙබළෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව ට්‍රෝලර් යාත්‍රාවකින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අදාළ පිරිස අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඇති වූ සිදුවීමකදී නාවික සෙබලා තුවාල ලබා පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.

Share This