
ඉන්දීය ධීවරයි 11 ක් එක්ක අනවසර මසුන් ඇල්ලූ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ශ්‍රී නාවික හමුදාවල ඊයේ(09) මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින් අනවසර ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හත් දෙනා තලෛයිමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.