ඉන්දීය ධීවර පිරිසක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවර පිරිසක් නාවික හමුදා භාරයට

යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් දහ තුන් දෙනෙකු සහ ධීවර යාත්‍රා තුනක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ නියමිතව ඇත.

එමෙන්ම මේ දක්වා සිදු කළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා තිස් පහක් සහ ඉන්දීය ධීවරයින් දෙසිය පනස් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා

Share This