ඉන්දීය නළු නිතේෂ් පාණ්ඩේ මියයයි

ඉන්දීය නළු නිතේෂ් පාණ්ඩේ මියයයි

ජනප්‍රිය නළු නිතේෂ් පාණ්ඩේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ ඉගට්පුරිහි හෝටලයක මියගොස් සිටියදී ඔහුගේ සිරුර සොයාගෙන තිබෙනවා.

50 හැවිරිදි ඔහු ඉගට්පුරිහි රූගත කිරීම්වල නිරතව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාණ්ඩේ මහතා හෝටලයේ සිටියදී හෘදයාබාධයකට ලක්ව මියගොස් ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

මේ වන විට හෝටල් කාර්ය මණ්ඩලය සහ නිතේෂ් පාණ්ඩේට සමීප පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව මහරාෂ්ට්‍රා පොලිසිය පවසනවා.

නිතේෂ් පාණ්ඩේ වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔහු ෂාරුක් ඛාන්ගේ om shanthi om චිත්‍රපටයෙනි

90 දශකයේ ටෙලි නාට්‍ය නළුවෙකු ලෙස රංගන දිවිය ආරම්භ කළ ඔහු පසුව චිත්‍රපට කර්මාන්තයට පිවිසුණු බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This