ඉන්දීය නාවික හමුදාවට අලුතින් සබ්මැරීන් තුනක්

ඉන්දීය නාවික හමුදාවට අලුතින් සබ්මැරීන් තුනක්

ඉන්දිය නාවික හමුදාවට ලබන වසරේ මුල් කාල වකවානුවේදී තවත් සබ්මැරින් තුනක් එක්වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සබ්මැරීන් තුනෙන් එකක් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරනු ලබන අතර අනෙක් සබ්මැරින් දෙක ඩීසල් ඉන්ධන වලින් ක්‍රියාත්මක වන බව සඳහන්.

2014 වර්ෂයේ පෙබරවාරි මාසයේදී නාවික නිලධාරින් දෙදෙනෙකුට මරු කැඳවමින් සිදුවූ සම්බ්මැරීන් අනතුරකින් පසු INS Sindhuratna සබ්මැරීනය රුසියාවේ දී සිදුකළ අලුත්වැඩියාවෙන් පසු නැවත මුම්බායි බලා ළඟා වීමට නියමිතයි.

එමෙන්ම ඉන්දීය නාවික හමුදාව විසින් මැසාගෝන් යාත්‍රාංගනයේ දී නිපදවන ලද කැල්වරි පංතියේ ස්කෝපීන් සබ්මැරීනයක් ද ලබන වසරේදී දියත් කෙරෙනු ඇති.

මෙම සබ්මරිනයන් දිගුදුර ටර්පීඩෝ මිසයිල, නවතම සෝනාර් උපාංග, නෞකා නාශක අවි පද්ධතිවලින් සමන්විත වන බව ඉන්දීය නාවුක හමුදා නිලධාරීන් පවසනවා.

බෙංගාල බොක්ක ඇතුළු ඉන්දීය සාගර කලාපය ආශ්‍රිතව චීනයේ නාවික ක්‍රියාකාරකම් වැඩි වීමත් සමග ඉන්දීය නාවික හමුදාව සිය රටේ මෙන්ම කලාපයේ ආරක්ෂාව උදෙසා මෙම සබ්මැරින් යොදවනු ඇති බව ද ආරක්ෂක විශේෂඥයින් සදහන් කරනවා.

Share This