ඉන්දීය මගී ගුවන් යානයක් පාකිස්ථානයට ගොඩ බස්සයි -ගමන අතරතුර මගියෙක් ජීවිතක්ෂයට

ඉන්දීය මගී ගුවන් යානයක් පාකිස්ථානයට ගොඩ බස්සයි -ගමන අතරතුර මගියෙක් ජීවිතක්ෂයට

ඉන්දීය පෞද්ගලික ගුවන් සමාගමකට අයත් මගී ගුවන් යානයක් පාකිස්ථානයට හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා

එහි ගමන් ගත් මගියකු මිය යාම නිසා මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

දිල්ලි සිට දෝහා බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් මෙලෙස ගොඩ බස්වා ඇති අතර මිය ගිය පුද්ගලයා නයිජීරියානු ජාතිකයෙක් බවයි පැවසෙන්නේ

පාකිස්ථානයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ 60 හැවිරිදි මෙම පුද්ගලයාට ගමන මැදදී අසනීප වූ බවත්, ඉන් පසුව යානයේ කපිතාන්වරයා විසින් කරච්චි ගුවන් ගමන් පාලක අංශය අමතා වෛද්‍යවරයෙකු සහ ගිලන් රථයක් ඉල්ලා ඇති බවත්ය.

කරච්චිහි ජින්නා පර්යන්ත ජාත්‍යන්තර ගුවන් තොටුපළට යානය ගොඩ බැස්සවීමෙන් පසු පරීක්‍ෂා කිරීමේදී ගුවන් තොටුපළේ වෛද්‍ය කණ්ඩායම විසින් මගියා මියගොස් ඇති බව තහවුරු කර තිබෙනවා.

මගීන් 163 දෙනෙකු සමග ගුවන් යානය පැය හතරකට පසුව ගමනාන්තය බලා පිටත් වූ බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This