ඉන්දීය මහකොමසාරිස්වරයා⁣ සහ විපක්ෂ නායක අතර හමුවක්

ඉන්දීය මහකොමසාරිස්වරයා⁣ සහ විපක්ෂ නායක අතර හමුවක්

මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සන්තෝෂ් ජා මහතා සහ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දීයි.

මෙහිදී දෙපාර්ශ්වය අතර ආර්ථික, සමාජීය හා දේශපාලන කරුණු රැසක් හුවමාරු වූ අතර එහිදී විපක්ෂ නායකවරයා විසින් ළගම අසල්වැසියා ලෙස දශක ගණනාවක් පුරා ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කර තිබෙනවා.

එමෙන්ම අප රටේ පවතින ආර්ථික අර්බුධය ජය ගෙන බංකොලොත්භාවයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ඉදිරියටත් ලබා දෙන ලෙස ඉන්දීය මහකොමසාරිස්වරයා⁣ගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

Share This