ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 69 හැවිරිදි වියේ පසු වුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ අග්න්‍යාශයේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් චෙන්නායි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය ගිය බවයි.

ඔහු විසින් චිත්‍රපට 700කට පමණ රංගනයෙන් දායක වී ඇති අතර චිත්‍රපට 40ක් පමණ අධ්‍යක්ෂණය කර තිබෙනවා.

ඔහු දායකත්වය දුන් නිර්මාණ අතර Sethu, Pithamagan, Oorkavalan, Kaatrin Mozhi සහ Chakra චිත්‍රපට විශේෂ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This