ඉන්දීය විදේශ ඇමති නිව්යෝර්ක් සිට කළ අනතුරු ඇඟවීම

ඉන්දීය විදේශ ඇමති නිව්යෝර්ක් සිට කළ අනතුරු ඇඟවීම

ඉස්ලාමාබාද් සහ වොෂිංටනය අතර පවතින සබඳතා මගින් අමෙරිකාවේ වුවමනා ඉටු නොවනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ එවැනි සබදතා මගින් පාකිස්ථානයේ හෝ අමෙරිකාවේ අවශ්‍යතා ඉටු නොවන බවයි.

අදාල මාධ්‍ය හමුවේදී අමෙරිකාව සහ පාකිස්ථානය අතර F16 ප්‍රහාරක ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම පාකිස්ථානය සමග සම්බන්ධතා පැවැත්වීමෙන් අත්වන ප්‍රථිපලය සම්බන්ධයෙන් ද අමෙරිකාව අවධානය යොමු කළ යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් අවධාරණය කර තිබුණා.

කිසියම් පාර්ශවයක් සමග F 16 වැනි ගනුදෙනු සිදු කිරීමේදී එය සිදු කරන්නේ ත්‍රස්තවාදයට එරෙහිව බවට අදාල පාර්ශවය පවසන්නේ නම් අනෙක් පාර්ශ්වය ඒවා භාවිත කරන ස්ථානය සහ ඒවායේ භාවිතය සම්බන්ධයෙන් අවබෝධයෙන් පසුවිය යුතු බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී පැවසූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Share This