ඉන්දීය විදේශ ඇමති සහ ජගත් මහ ලේකම්වරයා අතර හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ ජගත් මහ ලේකම්වරයා අතර හමුවක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, අමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදීයි.

එහිදී සුඩානයේ පවතින ගැටුම්කාරීත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුඩානය තුළ සිටින ඉන්දියානුවන් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

ඊට අමතරව ජී 20 සභාපතිත්වය සහ යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සාකච්ඡා කළ බව සඳහන්.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ලතින් අමෙරිකානු රටවල් කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණ තිබුණේ ඒ අතරතුරදීයි.

Share This