ඉන්දීය සහල් එන සතියේ වරායට

ඉන්දීය සහල් එන සතියේ වරායට

ඉන්දියාවෙන් ඇණවුම් කළ සහල් තොග ලබන සතියේදී පමණ කොළඹ වරායට ලඟා වීමට නියමිත බව කොළඹ පිටකොටුව සහල් ආනයනකරුවන් පවසනවා.

පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු පිටකොටුව තොග වෙළෙඳපොළේ ආනයනකරුවන් 50 දෙනෙකු පමණ පසුගිය 3 වැනිදා ඉන්දියාවෙන් සහල් ඇණවුම් කළ බව සඳහන්.

ඒ අනුව කිලෝවකට රුපියල් 65ක බද්දක් යටතේ ආනයන කරනු ලබන සහල් කොළඹ වරායට ලඟා වීමේදී කිලෝවක් සඳහා රුපියල් 225 – 230 අතර වැය වන බවයි ආනයනකරුවන් පවසන්නේ.

නාඩු, කැකුළු සහ සම්බා සහල් කිලෝ 25,000 – 30,000 අතර ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Share This