ඉන්දුනීසියානු පැනොරමික් දුම්රිය ලංකාවේ සංචාරක කර්මාන්තයට යොදාගන්න කතාබහක්

ඉන්දුනීසියානු පැනොරමික් දුම්රිය ලංකාවේ සංචාරක කර්මාන්තයට යොදාගන්න කතාබහක්

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය,  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මුණගැසී ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ආශ්‍රිතව ක්‍රියාත්ම වන පැනොරමික් දුම්රිය (Panoramic Train) සම්බන්ධයෙන්ද ඒවා මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් යොදාගතහැකි ආකාරය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.

පසුගියදා (09) පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වී තිබෙනවා.

එසේම මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ මට්ටමෙන් ක්‍රියාත්මක වන බතික් කර්මාන්තය සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීම පිළිබදව ද කථානායකවරයා අදහස් පළ කර තිබෙනවා.

කතානායක කාර්යාලය නිවේදනය කළේ තවද ඉන්දුනීසියානු සාම්ප්‍රදායික සංගීත භාණ්ඩයක් වන “Angklung” සංගීත භාණ්ඩය සමාජ සමගිය සහ සමාජ සහජීවනය පිළිබඳ සංකල්පය නිරූපණය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී කථානායකවරයා සුහදව අදහස් පළ ක‍ළ බවයි.

තවද, ඉන්දුනිසියානු මිත්‍රත්ව සංගමය ඉක්මනින් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

Share This