ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් කඳු නගින්නන් 11ක් මරුට (VIDEO)

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් කඳු නගින්නන් 11ක් මරුට (VIDEO)

ඉන්දුනීසියාවේ මරාපි ගිනිකන්ද සති අන්තයේ පුපුරා යාමෙන් පසු එහි ආවාටය අසල රැඳී සිටි කඳු නගින්නන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

අද (04) දිනයේ තිදෙනෙකු බේරා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

එමෙන්ම තවත් කුඩා පිපිරීමක් හේතුවෙන් අතුරුදන් වූ තවත් 12 දෙනෙකු සෙවීමේ කටයුතු අත්හිටුවා තිබෙනවා.

පිපිරීම සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ කඳු නගින්නන් 75 දෙනෙකු සිටි නමුත් බොහෝ දෙනා ආරක්ෂිතව ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ

ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනිකඳු 127 න් එකක් වන මරාපි කන්ද ඊයේ (03) පුපුරා ගියේ කිලෝමීටර් 3 ක් (අඩි 9,800) පමණ උසට අළු ඉසිමින් බවයි පැවසෙන්නේ .

බලධාරීන් විසින් දෙවන ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම පනවා ඇති අතර අවට නිවැසියන්ට ආවාටයේ සිට කිලෝමීටර් 3 ක් දුරකට යාම තහනම් කර තිබෙනවා .

මීටර් 2,891ක් උස මරාපි කන්ද ඉන්දුනීසියාවේ බටහිර දෙසින් පිහිටි සුමාත්‍රා දූපතේ පිහිටා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This