ඉන්දුනීසියාවේ නව ජනපති

ඉන්දුනීසියාවේ නව ජනපති

ඉන්දුනීසියාවේ නව ජනාධිපතිවරයා ලෙස හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වූ ප්‍රබෝවෝ සුබියන්ටෝ දිවුරුම් දී තිබෙනවා.

දශක ගණනාවක සිට මානව හිමිකම් උල්ලංඝන චෝදනාවලින් පීඩා විඳි 73 හැවිරිදි වියේ පසුවන ඔහු එරට අටවන ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙවරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ නමුත් ඔහුට ඉන් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

රට තුළ පවතින දූෂණය, දරිද්‍රතාවය තුරන් කිරීමට කටයුතු කරන බවට පොරොන්දු වී ඇති ප්‍රබෝවෝ, නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

Share This