
ඉන්දුනීසියාවේ, භූකම්පනයක්… ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජනතාව විමසිලිමත් වන්න
ඉන්දුනීසියාවේ, රිච්ක්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙරට වේලාවෙන් අද (27) උදෑසන 10.25 ට පමණ, කිලෝමීටර් 25ක් ගැඹුරින් උතුරු සුමාත්‍රා හි මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.
මේ වනවිට ඇතිවී තිබෙන කාලගුණ තත්වයත් සමඟ මෙරට ජනතාවද ඒ පිලිබඳ විමසිලිමත් වෙනවා.
ඒ අනුව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසයි.
