ඉන්දුනීසියාවේ මෙරාපි සක්‍රීය වෙයි

ඉන්දුනීසියාවේ මෙරාපි සක්‍රීය වෙයි

ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද සක‍්‍රිය වීමත් සමඟ ඒ අවට ගම්මාන අළු සහ දුම්වලින් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන් මේ වන විට කිලෝමීටර් හතක පමණ දුරකට ලාවා සහ දුමාරය පැතිර ඇති බව සඳහන්

මේ හේතුවෙන් අවට ගම්මාන අටක් පමණ පීඩාවට පත්ව ඇති අතර ගිනි කන්දේ සිට කිලෝමීටර් 3 ත් 7 ත් අතර භූමි ප‍්‍රදේශය අවදානම් කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අවදානම් කලාපක් ලෙස නම් කර ඇති ප්‍රදේශයේ කිසිදු ක‍්‍රියාකාරකමක නිරත නොවන ලෙසටද ජනතාවට දැනුම් දී තිබෙනවා.

ඉන්දුනීසියාවේ දෙවැනි උසම ගිනි කන්ද වන මෙරාපි එරට වඩාත් සක‍්‍රියම ගිනි කඳුවලින් එකක් ලෙස සැලකෙනවා

Share This