ඉන්දුනීසියාවේ සමාජ ශාලාවක ගැටුමකින් 19ක් ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවේ සමාජ ශාලාවක ගැටුමකින් පසු ඇති වූ ගින්නකින් අවම වශයෙන් 19 දෙනෙක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රදේශයේ ප්‍රතිවාදී තරුණ කල්ලි අතර ඇති වූ ගැටුමකින් පසු සමාජ ශාලාවට ගිනි තබා ඇති බවයි පැවසෙන්නේ.
මෙම ගැටුමේදී එක් පුද්ගලයෙක් මාරාන්තික පිහි ඇනුමකට ලක්ව ඇති අතර ,එම ස්ථානයට ගිනි තැබීමට පෙර පුද්ගලයින් 18 දෙනෙකු එහි සිරවී සිටි බව එරට පොලිස් නිලධාරියෙක් සඳහන් කරනවා.
බටහිර පැපුවා පොලිසියේ ප්‍රකාශක ඇඩම් අර්විනි පවසා තිබෙන්නේ “නගරවල තරුණයින් අතර සටන් සාමාන්‍ය දෙයක් බවත් ,නමුත් එය මෙතරම් මරණ සංඛ්‍යාවක් ඇති කර තිබෙන පළමුවැන්න මෙය බවත්ය.
ගින්න හටගත්තේ කෙසේද යන්න අපැහැදිලි බවයි පැවසෙන්නේ .