ඉන්දු දේශසීමාවේ බලපෑම්වලට අමෙරිකාවේ විරෝධය

ඉන්දු දේශසීමාවේ බලපෑම්වලට අමෙරිකාවේ විරෝධය

ඉන්දු-චීන දේශසීමාව සම්බන්ධයෙන් චීනය ගනු ලබන ඇතැම් පියවර ප්‍රකෝපකාරී බව අමෙරිකාව පවසනවා.

ඒ හමුවේ ඉන්දියාව සමග වඩාත් සමීපව කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් බවයි ඉන්දු – පැසිෆික් සම්බන්ධීකාරක කර්ට් කැම්බල් සඳහන් කර ඇත්තේ.

ගෝලීය මට්ටමින් ඉන්දියාව ඉටු කරන කාර්යභාරය තේරුම් ගත යුතු බවත් ඉන්දියාවට සහාය වීමට සහ දෙරට අතර පවතින සම්බන්ධතාවය තවදුරටත් තීව්‍ර කර ගැනීමට ද අවශ්‍ය බවත් ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

Share This