ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුවේ වාණිජ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරේ

ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුවේ වාණිජ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරේ

අමෙරිකා වාණිජ ලේකම් ජිනා රයිමොන්ඩෝ සහ ඉන්දියාවේ මධ්‍යම වාණිජ අමාත්‍ය පියුෂ් ගෝයල් අතර අන්තර්ජාලය ඔස්සේ හමුවක් පැවැත්වුණ බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම රැස්වීමේදී අමෙරිකා හා ඉන්දියාව අතර ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුවේ (IPEF) වාණිජ ප්‍රගතිය උපරිම අයුරින් ලඟා කර ගැනීමට පියවර ගත යුතු බවට අවදානය යොමු කළ බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙම මාසයේදී සිංගප්පූරුවේදී පැවැත්විමට නියමිත සාකච්ඡාවලට පෙර අභිලාෂකාමී සහ උසස් ප්‍රමිතියෙන් යුත් ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා දෙපාර්ශ්වය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව සඳහා අඛණ්ඩ දායකත්වය සහ ශක්තිමත් සහයෝගය වෙනුවෙන් අමෙරිකානු වාණිජ ලේකම් ජිනා රයිමොන්ඩෝ එහිදී ඉන්දියාවට ස්තූතිය පුද කළ බව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අමෙරිකානු වාණිජ ලේකම් ජිනා රයිමොන්ඩෝ මෑතකදී පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වඩාත්ම ජනප්‍රිය නායකයා බවයි.

Share This