
ඉන්දු – ලංකා ආරක්ෂක සබඳතා පිළිබඳ ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දිගු කාලයක සිට පවතින ආරක්‍ෂක සබඳතා පිළිබඳ මෙරට ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇති බව වාර්තා වනවා.
එහිදී තුයියකොන්තා මහතා පෙන්වාදෙන්නේ දෙරට දශක ගණනාවක සිට සුහදශීලී ආරක්‍ෂක සබඳතාවන් පවත්වා ගනිමින් කටයුතු කරන බවයි.
විශේෂයෙන් ආරක්ෂාව හා සම්බන්ධ කටයුතුවලදී ඒකාබද්ධ යුද සහ නාවික අභ්‍යාස, සම්බන්ධ පුහුණු වැඩසටහන් යනාදිය හේතුවෙන් ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව ඇති බවද ඒ මහතා පෙන්වාදී තිබෙනවා.
ඉන්දියාව විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 750කට පමණ විෂයානුබද්ධ පුහුණුවීම් ලබාදෙන බවද ආරක්‍ෂක ලේකම්වරයා සිදුකළ ප්‍රකාශයේ සඳහන්.