
ඉන්ධන මිල පහළට
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රු.286ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු. 12කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රු.274ක් වනවා.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රු.6කින් පහළ ගොස් ඇති අතර නව මිල රු.325ක්.
රු. 361ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 20කින් අඩු කර තිබනවා.
එහි නව මිල දැක්වෙන්නේ රු.341ක් ලෙසයි.
රු.299ක ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.6කින් අඩු වී ඇති අතර නව මිල රු.293ක් වනවා.
භූමිතෙල් මිලද රු.5කින් අඩු කර තිබෙනවා.
එහි නව මිල දැක්වෙන්නේ රු.178ක් ලෙසයි.