
ඉන්ධන මිල සංශෝධනය වේ
මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල ගණන් සම්බන්ධව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 299 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 294.00ක්.
එමෙන්ම රුපියල් 313 ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රු.5 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 318.00 ක් වනවා.
රුපියල් 335 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර රුපියල් 277 ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල ද සංශෝධනය වී නැහැ.
එමෙන්ම රුපියල් 180 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලෙහි ද කිසිදු වෙනසක් සිදු කර නැහැ.

