ඉන්ධන සහනාධාර ඉවතට – නයිජීරියාවේ තෙල් පෝලිම්

ඉන්ධන සහනාධාර ඉවතට – නයිජීරියාවේ තෙල් පෝලිම්

නයිජීරියාව පුරා නගරවල පිරවුම්හල්වල පෝලිම් නැවත ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉන්ධන සහනාධාර ඉවත් කිරීම සඳහා ජනාධිපති බොලා ටිනුබු විසින් කරන ලද නිවේදනයෙන් පසුව මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ

රාජ්‍ය තෙල් සමාගම සඳහන් කර තිබෙන්නේ නයිජීරියානුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් පවතින බවත් මෙලෙස බියවී තෙල් මිලදී ගැනීමට අවශ්‍ය නොවන බවත්ය.

කෙසේ වෙතත්, නයිජීරියානුවන් රටේ බොහෝ ප්‍රදේශවල පවතින භාණ්ඩ හිඟය ගැන අවධානය යොමු කරමින් භාණ්ඩ ලබා ගැනීම සඳහා පැය ගණන් දිගු පෝලිම්වල රැඳී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

නයිජීරියාව අප්‍රිකාවේ දෙවන විශාලතම තෙල් නිෂ්පාදකයා වන නමුත් දේශීයව තමන්ගේම ඉන්ධන පිරිපහදු කිරීමට ඇති නොහැකියාව හේතුවෙන් එහි ඉන්ධන අවශ්‍යතාවයෙන් 90% කට වඩා ආනයනය කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This