ඉම්රාන් ඛාන්ට ජීවිත අවදානමක් ?

ඉම්රාන් ඛාන්ට ජීවිත අවදානමක් ?

සිරගත කර සිටින පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ජීවිතය අවදානමක පවතින බව එම පක්ෂයේ උප සභාපති ෂා මහමුද් කුරේෂි පවසනවා.

බන්ධනාගාර නිලධාරීන් ඉම්රාන් ඛාන්ට ආහාර පවා නිසිලෙස ලබා නොදෙන බවයි ඔහු චෝදනා කර ඇත්තේ.

එමෙන්ම ඉම්රාන් ඛාන් රඳවා තබා සිටින්නේ අධිකරණය මගින් නියම කළ බන්ධනාගාරය තුළ නොවන බව ද ඔහු මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

අධිකරණය නියම කළ පරිදි ඉම්රාන් ඛාන්ට අවම පහසුකම් හෝ නොලැබෙන බවයි මහමුද් කුරේෂි පවසා ඇත්තේ.

එහෙත් අධිකරණය නියෝග කළ සැනින් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ලාහෝර් පොලීසිය ප්‍රමාද නොවූ බවටයි ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් ඛාන්ගේ නීතීඥයින් හට බන්ධනාගාරය තුළදී ඔහුව හමුවීමටද බාධා එල්ල වන බවයි.

ඒ හමුවේ ආහාර ලබා දීමට හෝ ඇතැම් නීතිමය ලියකියවිලි සඳහා ඉම්රාන් ඛාන්ගේ අත්සන ලබා ගැනීමට ද ඔහුගේ නීතීඥයින්ට බාධා එල්ල වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This