ඉම්රාන් ඛාන්ට වසර පහකට රජයේ නිලතල දැරීම තහනම්

ඉම්රාන් ඛාන්ට වසර පහකට රජයේ නිලතල දැරීම තහනම්

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර පහක කාලයක් රජයේ නිලතල දැරීම එරට මැතිවරණ බලධාරීන් විසින් තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

පාකිස්ථාන මැතිවරණ කොමිසම විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඉම්රාන් ඛාන්ට දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවමක් නියම වී දින තුනකට පසුවයි .

ඒ අනුව ඉම්රාන් ඛාන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට හැකියාවක් නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ පිළිබඳව ඔහු පවසන්නේ මෙම චෝදනා දේශපාලනික චේතනාවෙන් කරන ලද ඒවා බවයි,

නමුත් පාකිස්ථාන රජය එය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

ඉම්රාන් ඛාන්ගේ නීතීඥ කණ්ඩායම මෙම තීන්දුව අභියෝගයට ලක් කර ඇති අතර ඊට අදාළ නඩුව අද (09) ඉස්ලාමාබාද් මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත වනවා .

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වන විට ඉස්ලාමාබාද් අසල බන්ධනාගාරයක රඳවා සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා .

 

Share This