ඉම්රාන් ඛාන්ව අත්අඩංගුවට ගැනීම දින කිහිපයකට කල් ගිය හේතුව

ඉම්රාන් ඛාන්ව අත්අඩංගුවට ගැනීම දින කිහිපයකට කල් ගිය හේතුව

පාකිස්ථානයේ විපක්ෂ නායක ඉම්රාන් ඛාන් තමන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමෙන් පසු නිවසින් පිටතට පැමිණ ආධාරකරුවන්ට ආචාර කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔහු රැස්ව සිටි පිරිස අමතා අනතුරුව ඔවුන් සමග සමග ඡායාරූප ද ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මාර්තු 19 වැනිදා පැවැත්වෙන පාකිස්ථාන සුපර් ලීග් (PSL) අවසන් මහා තරගයට බාධා එල්ල වනු ඇති බවට සැක මතුවීම නිසා ඉම්රාන් ඛාන්ව රඳවා තබා ගැනීමේ උසාවි නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි වාර්තා වන්නේ.

පාකිස්ථාන සුපර් ලීග් (PSL) අවසන් මහ තරගයෙන් පසුව යළිත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇතැයිද සඳහන්

70 හැවිරිදි ඉම්රාන් ඛාන් ධූරයේ සිටියදී රාජ්‍ය දේපළ විකුණූ බවට චෝදනා එල්ල වී ඇති අතර ඔහු පවසන්නේ අත්අඩංගුවට ගැනීමට සූදානම් වීම දේශපාලන අරමුණක් මත සිදු වූවක් බවයි.

Share This