ඉම්රාන් ඛාන් සහ ආරක්ෂක අංශ අතර ආරවුලක්

ඉම්රාන් ඛාන් සහ ආරක්ෂක අංශ අතර ආරවුලක්

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හා එරට ආරක්ෂක අංශ අතර ආරවුලක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඉම්රාන් ඛාන් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුවයි.

ඒ අනුව ඉම්රාන් ඛාන් මේවනවිට ප්‍රසිද්ධියේ එරට හමුදාපති ජනරාල් කමාර් ජාව්ඩ් බාජ්වාට චෝදනා එල්ල කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉම්රාන් ඛාන් පවසන්නේ හමුදාපතිවරයා නීතිවිරෝධී ක්‍රියාවල නිරතවන්නෙකු ලෙසයි.

නුදුරේදීම සිය සේවයට සමුදීමට සැරසෙන හමුදාපතිවරයා සිය සීමාවන් ඉක්මවා කටයුතු කරන අයෙක් බවත් ඔහු රජයේ සතුරෙකු බවත් ඉම්රාන් ඛාන් චෝදනා කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉම්රාන් ඛාන් දේශපාලනික වශයෙන් ඉතා දුෂ්කර මගක් පසුකරමින් සිටින බවයි.

තමන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ද ඉම්රාන් ඛාන් සෑහීමට පත් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට විචාරකයන් පවසන්නේ ඉකුත් දා එල්ල වූ වෙඩි ප්‍රහාරය ඉම්රාන් ඛාන්ට සිය ඉදිරි දේශපාලන මාර්ගය පිළිබද ලබාදුන් සංඥාවක් බවයි.

එමෙන්ම ඉම්රාන් ඛාන් ඉලක්කකර මේවනවිට දූෂණ චෝදනා හා ඊට අදාළව නඩු පැවරීම් සිදුව තිබෙනවා.

එය ඉම්රාන් ඛාන්ගේ දේශපාලන ගමනට බලපෑම් එල්ල කිරීම සදහා සැලසුම් කර ක්‍රියාවට නැංවූ සැලැස්මක් විය හැකි බව ද විචාරකයන් පෙන්වා දෙනවා.

මෙම සියලු සැලසුම් පිටුපස සැගවී ඇති අරමුණ වන්නේ ඉම්රාන් ඛාන් සිය දේශපාලන කටයුතුවලින් ඈත් කර තැබීම බව ද විචාරකයන් සඳහන් කර තිබෙනවා,

Share This