ඉම්රාන් ට දඩ

ඉම්රාන් ට දඩ

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ එරට PRI පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ට ඉස්ලාමාබාද් අධිකරණය මගින් එරට මුදලිම් රුපියල් 5,000 ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ ඔහු විසින් එරට ආරක්ෂක අමාත්‍ය කවාජා මුහමඩ්ට එරෙහිව ගොනු කර ඇති අපහාස නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටීමට ඉම්රාන් ඛාන් අපොහොසත් වීම හමුවේයි.

සිය සේවාදායකයාගේ කාර්‍යය බහුලත්වය හේතුවෙන් අදාළ නඩුව කැදවීම කල් දමන ලෙස ඉම්රාන් ඛාන්ගේ නීතීඥයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඉම්රාන් ඛාන්ගේ නීතීඥයා අධිකරණයට දන්වා ඇත්තේ සිය සේවාදායකයා මේ දිනවල ගංවතුර සහනාධාර බෙදාදීමේ වැඩසටහන් හමුවේ කාර්‍යයබහුල බවයි.

කෙසේවෙතත් එම ඉල්ලීම පිළිගනිමින් ඉස්ලාමාබාද් අධිකරණය අදාළ නඩුව කැදවීම ලබන සැප්තැම්බර් මස 24 වන දා දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා.

ඉම්රාන් ඛාන් විසින් ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ්ට එරෙහිව අදාළ අපහාස නඩුව ගොනුකර ඇත්තේ 2012 වසරේදීයි.

ඒ භාරකාර අරමුදලක් හරහා ඉම්රාන් ඛාන් විසින් මුදල් විශුද්ධීකරණයක් සහ අයථා මූල්‍ය පරිහරණයක් සිදු කර ඇති බවට මාධ්‍ය හමුවකදී තමන්ට අයථා ලෙස චෝදනා එල්ල කල බව පවසමින්.

ඉම්රාන් ඛාන් විසින් කවාජා අසීෆ්ට එරෙහිව අදාළ අපහාස නඩුව ගොනු කර ඇත්තේ රුපියල් බිලියන 10 ක් ඉල්ලා බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This