‘ඉයන් ‘එතැයි බියෙන් ෆ්ලොරිඩාව සූදානමින්

‘ඉයන් ‘එතැයි බියෙන් ෆ්ලොරිඩාව සූදානමින්

ඉයන් සුළි කුණාටුව කැරිබියන් දූපත් ප්‍රදේශයට කඩා වැදීමට ඉඩ ඇති හෙයින් ෆ්ලොරිඩාවේ ආණ්ඩුකාරවරයා එරට ප්‍රාන්තයේ ජනතාවට සුළි කුණාටුව පිළිබඳව අනතුරු අඟවා තිබෙනවා

කියුබාවේ දකුණු වෙරළ තීරයට තද සුළං හමා යාමට පටන් ගැනීමෙන් පසු ඉයන් සුළි කුණාටුව බදාදා(28) දිනයේදී ෆ්ලොරිඩාවේ බටහිර වෙරළ තීරයට ළඟා වෙනු ඇති බවට එරට කාලගුණ විද්‍යාඥයින් අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයා ප්‍රාන්තයේ ජනතාවට අනතුරු ඇඟවීමෙන් පසුව නිවැසියන් ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන ගබඩා කරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයා සති අන්තයේ මුළු ෆ්ලොරිඩාවටම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර සහන කටයුතු සඳහා සහාය වීමට ජාතික ආරක්ෂක භටයින් 5,000 ක්ද යොදවා තිබෙනවා

එරට කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත්තේ ඉයන් සුළි කුණාටුව ළඟා වන විට හදිසි ගංවතුර තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි.

ජනාධිපති ජෝ බයිඩන් ෆ්ලොරිඩාවේ සැලසුම් කළ සංචාරයක්ද කල් දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This