
ඉරාකයේ මහල් වෙළෙද ගොඩනැගිල්ලක ගින්නකින් 50 ක් ජීවිතක්ෂයට
නැගෙනහිර ඉරාකයේ අල්-කුට් නගරයේ අධි වෙළඳසැලක (hypermarket) ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයින් පනස් දෙනෙකු මිය ගිය බව පළාත් ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (INA) වාර්තා කළා.
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල අල්-කුට් හි පස් මහල් ගොඩනැගිල්ලක් ගිනිගෙන දැවෙන ආකාරය දැක්වෙන අතර ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වුණා.
ගින්නට හේතුව තවම වාර්තා වී නැහැ.