ඉරාකය සහ තවත් රටවල් කිහිපයක් “කුරානය” ගිනි තැබීම දැඩි ලෙස හෙළා දකියි

ඉරාකය සහ තවත් රටවල් කිහිපයක් “කුරානය” ගිනි තැබීම දැඩි ලෙස හෙළා දකියි

පසුගියදා ඉරාක තානාපති කාර්යාලයෙන් පිටත “ඩෙන්මාර්ක් දේශප්‍රේමීන්” නම් කණ්ඩායමක් විසින් කුරානයක් ගිනි තැබීම ඉරාකය සහ තවත් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් කිහිපයක් විසින් දැඩි ලෙස හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එම සිදුවීමෙන් පසු බැග්ඩෑඩ් හි 1,000කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් ඩෙන්මාර්ක තානාපති කාර්යාලයට පැමිණීමට උත්සාහ කර තිබුණා.

පසුගිය සතියේ, ස්ටොක්හෝම් හි කුරානය ගිනි තැබීමට සැලසුම් කළ පසු බැග්ඩෑඩ්හි ස්වීඩනයේ තානාපති කාර්යාලයටද පිරිසක් ගිනි තැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ඉරානය ද මීට එරෙහිව විරෝධතා දක්වා ඇති අතර එමෙන්ම රටේ විශාලතම වෙළඳපොල වන Souq Al Baladi හිද විරෝධය පළ කිරීම සඳහා ස්වීඩන් නිෂ්පාදන ඉවත් කර තිබෙනවා

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඩෙන්මාර්කයේ විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ ඉතා සුළු පිරිසක් විසින් සිදු කරන ලද කුරානය ගිනි තැබීම ඩෙන්මාර්කය හෙළා දකින බවයි

එමෙන්ම සෙනසුරාදා බැග්ඩෑඩ්හිදී, විශාල ජනකායක් ඩෙන්මාර්ක තානාපති කාර්යාලයට පැමිණීම වැළැක්වීම සඳහා ආරක්ෂක හමුදා විසින් කඳුළු ගෑස් භාවිතා කරනු ලැබුවා

Share This