
ඉරානයෙන් – ඊශ්‍රායලයට ඩ්‍රෝන 100 ක ප්‍රහාරයක්
ඊශ්‍රායලය එක රැයකින් ඉරානයට ප්‍රධාන ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු ඉරානය තම භූමිය දෙසට ඩ්‍රෝන යානා 100ක් පමණ එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කළ බව එරට ආරකෂක අංශ පවසන අතර විප්ලවවාදී ආරක්ෂක ප්‍රධානී හොසේන් සලාමි සහ අනෙකුත් අණ දෙන නිලධාරීන් මිය ගොස් ඇති බව වාර්තා වුණා.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය පැවසුවේ ටෙහෙරානයේ නේවාසික ප්‍රදේශවලට පහර දුන් බවත්, මියගිය අය අතර ළමයින් සහ සිවිල් වැසියන් ද සිටින බවයි .
මෙම ප්‍රහාරය “Operation Rising Lion” මෙහෙයුමේ කොටසක් බව ඊශ්‍රායල අගමැති පවසනවා.
ඊශ්‍රායල අගමැති සදහන් කළේ ඉරානය “ඊශ්‍රායලයේ පැවැත්මටම” තර්ජනයක් බවයි.
ඉරානයේ උත්තරීතර නායකයා පවසන්නේ මෙම ප්‍රහාරයට දඬුවම් නොකර යාමට ඉඩ නොදෙන බවයි.
ඊශ්‍රායලය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ” නුදුරු අනාගතයේ දී” ප්‍රතිප්‍රහාර අපේක්ෂා කරන බව පවසනවා.
ඊශ්‍රායලයේ ප්‍රහාරයට සහාය දෙන බවට ඉරානය, එක්සත් ජනපදයට චෝදනා කර ඇති අතර, එය එක්සත් ජනපදය තරයේ ප්‍රතික්ෂේප කළා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ප්‍රහාර පිළිබඳව තමා කලින් දැන සිටි නමුත් එක්සත් ජනපදය කිසිදු කාර්යභාරයක් ඉටු නොකළ බවයි.