ඉරානයේ විරෝධතා අතරතුර  ‘මරා දැමූ දියණියගේ’ මව සංවේදී වෙයි

ඉරානයේ විරෝධතා අතරතුර ‘මරා දැමූ දියණියගේ’ මව සංවේදී වෙයි

ඉරානයේ විරෝධතා අතරතුර ආරක්ෂක අංශ විසින් පහරදී මරා දැමූ බව කියන 16 හැවිරිදි දැරියකගේ මව ඇයගේ අඛණ්ඩ සිත් වේදනාව ගැන මාධ්‍යට පවසා තිබෙනවා.

බීබීසී’හි විශේෂ සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටිමින් Nasrin Shakarami පවසන්නේ තම දියණිය Nika ට සිදුවූ දෙය තත්පරයකටවත් අමතක කළ නොහැකි බවයි.

විරෝධතාකරුවන්ගේ මරණ පිළිබඳව බලධාරීන් පවසන සියළු දේ ප්‍රතික්ෂේප කරන බවත් ඔවුන් පවසන සියල්ලම අසත්‍ය බව හොඳින් දන්නා බවයි Nasrin Shakarami පවසන්නේ.

නිකාගේ මරණය 2022 අග භාගයේදී ඉරානයේ විරෝධතා අතරතුර සිදු වූ මරණවලින් දැඩි ලෙස සමාජය පුරා කතාබහට ලක්වූ මරණයක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එතැන් සිට ජනතාව විසින් විරෝධතා අඛණ්ඩව පවත්වා ඇති අතර ආරක්ෂක අංශවල ලේ වැගිරීම් වැනි මර්දනකාරී ක්‍රියාමාර්ග අඩුවී තිබෙනවා.

කාන්තාවන්ට හිජාබයෙන් හෝ හිස් ආවරණයකින් හිසකෙස් වැසීමට අවශ්‍ය ඉරානයේ දැඩි නීති කඩ කළ බවට චෝදනා කරමින් අගනුවර සදාචාරාත්මක පොලිසිය විසින් රඳවා තබා ගැනීමෙන් පසු මියගිය තරුණ කාන්තාවක් වන මහසා අමිනී අත්අඩංගුවේ සිටියදී මියයාමෙන් පසුව රට පුරා විරෝධතා ආරම්භ වී තිබෙනවා.

මාෂා මිය ගොස් දින හතරකට පසු, නීකා Tehran’හි පැවති විරෝධතාවයක දී ඇයගේ හිස් ආවරණයට ගිනි තබා එය රූගත කර අන්තර්ජාලයේ හුවමාරු කර තිබෙනවා.

Nika ඉරාන වැසියන්ට සිදුවන අසාධාරණය සහ වෙනස් කොට සැලකීමට දැඩි සේ විරෝධය පළ කළ තරුණියක් බවයි ඇයගේ මව මාධ්‍යට සඳහන් කරන්නේ.

Share This