ඉරානයේ බන්ධනාගාරයක ඇතිවූ ගින්නකින් 8ක් මරුට (VIDEO)

ඉරානයේ බන්ධනාගාරයක ඇතිවූ ගින්නකින් 8ක් මරුට (VIDEO)

ඉරානයේ ප්‍රසිද්ධ එවින් බන්ධනාගාරයේ ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන අධිකරණය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා

බන්ධනාගාරයේ ඇති වූ ගින්නෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

පසුගිය මාසය පුරාවට රට පුරා පැතිර ගිය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහභාගි වූ සිය ගණනක් එවින් බන්ධනාගාරයට යවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බන්ධනාගාර ගින්න හටගත්තේ රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් පසුව බවය එරට අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා

22 හැවිරිදි ඉරාන ජාතික කුර්දි ජාතික මහ්සා අමිනී පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාමත් සමග රට පුරා විරෝධතා පැන නැගුණේ මාසයකට පෙර සිටයි.

Share This