
ඉරානය සමග ගනුදෙනු කළ බවට චෝදනා කරමින් ඉන්දීය සමාගම් 6 කට ඇමරිකාවෙන් සම්බාධක
ඉරානයෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය සමාගම් 6 කට ඇමරිකාවෙන් සම්බාධක පනවා තිබෙනවා.
ඉන්දියානු සමාගම් හයක් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රේඩාර් යටතේ පව තින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ඔවුන් “ඉරාන ඛනිජ තෙල්, ඛනිජ තෙල් නිෂ්පාදන හෝ ඛනිජ රසායනික වෙළඳාමේ නිරත වන බවත් ” මෙය විධායක නියෝගය 13846 යටතේ ඇමරිකානු සම්බාධක උල්ලංඝනය කරන බවත් ඇමෙරිකාව පවසනවා.
එක්සත් ජනපදය චෝදනා කරන්නේ ඉරාන පාලන තන්ත්‍රය මැද පෙරදිග ගැටුම් අවුලුවාලීමට, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට සහ එහි ජනතාව පීඩාවට පත් කිරීමට ආදායම භාවිතා කරන බවයි.
එක්සත් ජනපදය විදේශයන්හි ත්‍රස්තවාදයට සහාය වීමට මෙන්ම තමන්ගේම ජනතාව පීඩාවට පත් කිරීමට පාලන තන්ත්‍රය භාවිතා කරන ආදායම් ගලායාම වැළැක්වීමට පියවර ගනිමින් සිටීන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයා පවසනවා.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ ඉරානය සමඟ වෙළඳාම් හි නිරතවන ඉන්දියාවේ ආයතන හයක් ඇතුළුව ආයතන 20 කට සම්බාධක පනවන බවටයි.
එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා ඇති ඉන්දියානු සමාගම් 6 වන්නේ,
2024 ජනවාරි සහ දෙසැම්බර් අතර කාලය තුළ බහු සමාගම් වලින් ඩොලර් මිලියන 84 කට වඩා වටිනා ඉරාන නිෂ්පාදන වන ඛනිජ රසායනික නිෂ්පාදන ආනයනය කර මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇල්කෙමිකල් සොලියුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ් (ඇල්කෙමිකල් සොලියුෂන්ස්) සමාගම ඉන් එකක්.
ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන ග්ලෝබල් ඉන්ඩස්ට්‍රියල් කෙමිකල්ස් ලිමිටඩ් සමාගම 2024 ජූලි සිට 2025 ජනවාරි දක්වා කාලය තුළ ඩොලර් මිලියන 51 කට වඩා වටිනා මෙතනෝල් ඇතුළු ඉරාන නිෂ්පාදන ආනයනය කර මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටිනවා.
ඉන්දියාව පදනම් කරගත් ඛනිජ රසායනික වෙළඳ සමාගමක් වන ජුපිටර් ඩයි කෙම් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම, 2024 ජනවාරි සිට 2025 ජනවාරි දක්වා කාලය තුළ ඩොලර් මිලියන 49 කට වඩා වටිනා ටොලුයින් ඇතුළු ඉරාන සම්භවයක් ඇති ඛනිජ රසායනික නිෂ්පාදන ආනයනය කර මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති තවත් සමාගමක්.
තවත් ඛනිජ රසායනික සමාගමක් වන රම්නික්ලාල් එස් ගොසාලියා ඇන්ඩ් කම්පැනි , 2024 ජනවාරි සිට 2025 ජනවාරි දක්වා කාලය තුළ මෙතනෝල් සහ ටොලුයින් ඇතුළු ඩොලර් මිලියන 22 කට වඩා වටිනා ඉරාන නිෂ්පාදන ආනයනය කර මිලදී ගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.
පර්සිස්ටන්ට් පෙට්‍රොකෙම් ප්‍රයිවට් ලිමිටඩ්, ඔක්තෝබර් අතර නැව්ගත කිරීමේ දිනයන් සහිතව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් භාණ්ඩ වෙළඳ සමාගමක් වන බබ් අල් බර්ෂා ඇතුළු බහු සමාගම් වලින් මෙතනෝල් වැනි ඉරාන සම්භවයක් ඇති ඛනිජ රසායනික ද්‍රව්‍ය අඩංගු නැව්ගත කිරීම් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 14 ක් ආනයනය කර ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.
ඇමෙරිකාව පවසන්නේ කාන්චන් පොලිමර්ස් විසින් ටනායිස් ට්‍රේඩිං වෙතින් පොලිඑතිලීන් ඇතුළු ඉරාන සම්භවයක් ඇති පෙට්‍රෝ රසායනික නිෂ්පාදන ඩොලර් මිලියන 1.3 කට වඩා ආනයනය කර මිලදී ගෙන ඇති බවයි.
ඉරානයෙන් පෙට්‍රෝ රසායනික නිෂ්පාදන මිලදී ගැනීම, අත්පත් කර ගැනීම, විකිණීම, ප්‍රවාහනය හෝ අලෙවිකරණය සඳහා සැලකිය යුතු ගනුදෙනුවක “දැනුවත්ව සම්බන්ධ වීම” සඳහා විධායක නියෝගය 13846 හි 3(අ)(iii) වගන්තිය යටතේ මෙම සියලුම ඉන්දියානු සමාගම් නම් කර තිබෙනවා.