ඉරාන ජනාධිපති ගිය හෙලිකොප්ටර් යානය කඩා වැටුණු බවට සැක ස්ථානය හඳුනාගැනේ

ඉරාන ජනාධිපති ගිය හෙලිකොප්ටර් යානය කඩා වැටුණු බවට සැක ස්ථානය හඳුනාගැනේ

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම අදාළ ස්ථානයට ළඟා වනු ඇති බවයි.

තුර්කි ඩ්‍රෝන යානා මෙහෙයුමකින් ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් බවට සැක කෙරෙන හෙලිකොප්ටරයේ බවට වන තාප ප්‍රභවයක් හඳුනාගෙන ඇති බව සඳහන්.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අසල්වැසි අසර්බයිජානයේ වේලි දෙකක් විවෘත කිරීමේ උත්සවයකට අසර්බයිජාන ජනපතිවරයා සමග ඊයේ (19) සහභාගී වීමෙන් අනතුරුව නැවතත් ඉරානය වෙත හෙලිකොප්ටර් රථ පෙළකින් පැමිණෙමින් සිට තිබෙනවා.

එහිදී අදාල ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය ඉතා අයහපත් තත්වයෙන් දැඩි මිදුමකින් යුක්තව තිබී ඇති අතර එවන් තත්ත්වයක් පැවතියත් ඉරාන ජනපති ගමන් කළ හෙලිකොප්ටර් රථ තුන නොකඩවා ධාවනයේ යෙදී ඇති බව සඳහන්.

ඒ අතරතුර ඉරාන ජනපතිවරයා හා එරට විදේශ අමාත්‍යවරයා ගමන් ගත් හෙලිකොප්ටරය ​​අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනතුර සිදුවන අවස්ථාවේ ඉරාන ජනපතිවරයා ගමන් කළ හෙලිකොප්ටර් යානය සමග තවත් පරිවාර හෙලිකොප්ටර් යානා දෙකක් ආරක්ෂාව සපයමින් ගමන් කර ඇති අතර ඒවා නිරුපද්‍රිතව ඉරානයේ ටබ්රිස් නම් ගමනාන්තය වෙත පැමිණ ඇතත් ඉරාන ජනපතිවරයා හා විදේශ ඇමතිවරයා ගමන් කළ හෙලිකොප්ටර් යානය පැමිණ නැහැ.

Share This