ඉරාන නව ජනපතිගේ දිවුරුම් දීම ලබන 30 වනදා

ඉරාන නව ජනපතිගේ දිවුරුම් දීම ලබන 30 වනදා

ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ Masoud Pezeshkian ගේ දිවුරුම් දීමේ උත්සවය ලබන 30 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එරට පාර්ලිමේන්තුවේ දී මෙම දිවුරුම් දීම සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නව ඉරාන ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා, ගාඩියන් කවුන්සිලයේ සාමාජිකයින්, අධිකරණ ප්‍රධානී සහ ඉහළ පෙළේ අනෙකුත් රාජ්‍ය සහ හමුදා නිලධාරීන් ඉදිරියේ පැවැත්වෙන බව සඳහන්.

වයඹ දිග ඉරානයේ හෙලිකොප්ටර් අනතුරකින් ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව ඔහුගේ අනුප්‍රාප්තිකයා සොයා ගැනීම සඳහා ජූනි 28 වැනි දින හදිසි මැතිවරණයක් පවත්වනු ලැබුවා.

Share This